Tuesday, October 13, 2020

කෘතිම කහ එළියක් නිසා සලබ හැසිරීම අවුල් වෙලා..

 



බටු බණ්ඩක්කා ආදියේ කරල් විදින පනුවන්, ගෝවා කොළ කන දළඹුවන් කියන්නේ ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයේ සතුන්ගේ කීටයෝ. මේ අයගේ මවු සලබයින් ආහාර ගැනීමට, බිත්තර දැමීමට ආදී ජීව කටයුතු වලට පිටතට එන්නේ රාත්‍රියට.


ඔවුන් නිශාචර සතුන්...

විශේෂ කහ එළියක් නිකුත්කරන විදුලි පහන් රැය පුරාවට වගාවක දැල්වූ විට මේ සලබයෝ රැවටෙනවා.

තවමත් දහවල කියලා හිතාගෙන වෙන්න ඇති ..... ඒ අය තම නිකේතන වලින් පිටතට එන්නේ නෑ.


ඒ නිසාම...........

ගොවියාගේ වගාවේ සලබ බිත්තරත් නෑ.... පනුවො දලඹුවොත් නෑ...

කෘමිනාශක නැති ආරක්‍ෂිත අස්වැන්නකට සාර්ථක ඉදිරි පියවරක්.

අත්හදාබැලීම් දාමය මේ වනවිට පර්යේෂණායතනත් පසුකර ගොවි ක්ෂේත්‍ර වලටත් ගොසින්.....

අක්කර කාලකට බල්බ් නවයයි. වගා කන්නයටම විදුලිය වැයවුනේ යුනිට් තුනයිලු!!


කීඩෑවන්, පැල මැක්කන්, සුදුමැස්සන්, කූඩිත්තන්, මයිටාවුන් වගේ වෙනත් සතුන්ගෙනුත් ආරක්‍ෂාවෙන්න වගාව වටේට කෘමි ප්‍රතිරෝධී දැලකුත් ගහනවානම් වඩාත් හොඳ බවයි, තාක්ෂනය සොයාගත් කීට විද්‍යාඥ ප්‍රභාත් නිශාන්ත කියන්නේ. බල්බ් ගැන විස්තරයි, අනෙකුත් ක්‍රමවේද ගැනයි ඔහුගෙන්ම අසා දැනගන්න (0718667990)  

පළිබෝධනාශක දැමූ හිස් බෝතල් තැන තැන විසිකරන්න එපා

 



අත්‍යවශ්‍යම තැන්වලටයි පළිබෝධනාශක යොදන්න අපි උපදෙස් දෙන්නේ........උග්‍ර විෂ සහිත නිෂ්පාදන භාවිතයෙනුත් තහනම් කරලා තියෙනවා. තවත් පරිස්සම් වෙන්න මේ ටිකත් මතක තබාගන්න.

හිස් බෝතල් බැහැරලීමේ ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මකයි. කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශ, CropLife සංවිධානයත් එක්ක එකතුවෙලා ගොවීන් වැඩිපුර ගැවසෙන තැන්වලට ලීටර් 200 ලොකු ප්ලාස්ටික් බැරල් ගෙනැවිත් තබලා ....වීදුරු බෝතල් වලට හා ප්ලාස්ටික් වලට වෙන වෙනම බැරල්.... හැබැයි මේවාට දැමිය යුත්තේ කෘෂිරසායන හිස් බඳුන් පමණයි.!!! 


පළිබෝධනාශක බඳුනක් හිස් කරද්දී......

·      තුන් වරක් එයට ජලය පුරවා සෝදා තමාගේ ඉසින යන්ත්‍රයට දමාගන්න

·      හිස් ඇසුරුමේ පියන හොඳින් වසන්න

·      දැන් ඉතින් අදාළ ප්ලාස්ටික් බැරල් එකට හිස් බඳුන බැහැර කරන්න

බැරල් පිරෙනකොට CropLife එකෙන් ඇවිත් ඒවා ගෙනියනවා සීතාඑළිය, පැල්වෙහෙර, මාකඳුර, පොලොන්නරුව, කරදියන්ආරු හා බටඅත පිහිටා තිබෙන රැස්කිරීමේ මධ්‍යස්ථාන වලට

එතනට එනවා වීදුරු හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන සමාගම්........

වීදුරු සෙන්ටිග්‍රේඩ් අංශක 3000 ට රත්කරලා වීදුරු බඩු සාදන නිසා වසවිස මොකුත් ඉතුරුවෙන්නේ නෑ.........ප්ලාස්ටික් වලින් නම් හදන්නේ ජනතාව එදිනෙදා පරිහරණය නොකරන ප්ලාස්ටික් බඩු. විදුලි රැහැන් අදින, බිත්ති ඇතුලට දමන ප්ලාස්ටික් බට වගේ දේවල්.....

වසවිස ගැන කතාකරන හැමෝම එකතුවෙලා මේ වැඩසටහනට ප්‍රසිද්ධියක් ලබාදෙමු. පළිබෝධනාශක අවශ්‍යම තැනට අවශ්‍ය මාත්‍රාවෙන් පමණක් යොදමු.

වැඩිදුර තොරතුරු දැනගන්න පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ලසන්ත රත්නවීර 0714157611 අමතන්න

බීජ සඳහා හදන බෝංචි වැල්වල කොළ කහ වෙන

 



ඌව පරණගම, ගම්පහ කෝරලයේ බෝංචි වගාවේ මේ ලෙඩේ පැතිරෙන බව පසුගිය සතියේ පුවත්පතක තිබුනා

වසර 15 ක පමණ කාලයක් තිස්සේ පවතින මේ වයිරස් රෝගය තවමත් විටින් විට මතුවෙන බවයි පර්යේෂකයින් කියන්නේ.....

පවතින උණුසුම් දේශගුණය හා සුළං තත්වය යටතේ වයිරස් විතරක් නෙවෙයි පැලමැක්කා වැනි කෘමි හානිත් වැඩිවෙනවා


පාලන පියවර නම් ගන්න ඕනේ බීජ සිටුවන විටදීම තමයි, ඉමිඩක්ලෝප්‍රිඩ් කුඩු සමග බීජ කලවම් කරලා සිටුවන්න. පෙර වගාවේ තිබුණු කොළ කහ වූ වැල් ළඟ පාතක තියන්නත් එපා..........කෘමීන් මර්දනය කරන්නනම් තියාමෙතොක්සාම් යොදන්න වෙයි.

කොළ කහ ලෙඩේ වයිරස් වලටම බාරදෙන්නේ නැතුව මේ ටිකත් මතක තියාගන්න.


ෆියුසාරියම් දිලීරය මුල්වලට වැළඳිලා මුල් කුණුවෙනකොටත් පළමු අස්වැන්න නෙලනා කාලේ වෙනකොට බෝංචි වැල්වල කොළ, පහල ඉඳලා ඉහලට කහ වෙලා අන්තිමට වැල මැරෙනවා. රෝග ලක්ෂණ පේනකොට හානිය වෙලා ඉවරයි, ප්‍රතිකාර කරලා වැඩක් නෑ. එතනත් බෙහෙත දෙන්න ඕනේ බීජ පැලකරද්දී

බීජ කිලෝවකට තයෝෆීනේට් මෙතිල් (හෝමායි හෝ ටොප්සික්) කුඩු ග්රෑම් දෙකක් කලවම් කරලා බීජ සිටුවන්න. පැලවෙලා සති දෙකකින් එම බෙහෙතම ග්‍රෑම් හතක් වතුර ලීටර් දහයක දියකරලා පැල මුල පසට දමන්න.

හොඳටම විස්තර දැනගන්න පුළුවන් බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. පී. සෝමචන්ද්‍ර මහාතාට 0718166290 කතා කෙරුවොත්..........