Thursday, July 30, 2020

පාර දෙපැත්තේ රඹුටන්


මේ පාර ලොකු අස්වැන්නක් ඇවිත්...... ගුවන් ගමන් සීමාවෙලා අපනයනයටත් බාධා

අස්වැන්න අපතේ යයිද ? තුට්ටුවට දෙකට දෙන්න වෙයිද? වගාකරුවන් දෙගිඩියාවෙන්

කොහොම උනත් වෙළඳපොලේ රඹුටන් විකිනෙන ගාන නම් වැඩියි. නිෂ්පාදන වියදම අනුව දැනට වඩා අඩුවෙන් වුවත් ලාභයක් තියාගෙන දෙන්න පුළුවන්

ගන්නෝරුවේ ආහාර පර්යේෂණ ඒකකයෙන් රඹුටන් කල් තබාගන්න ක්‍රමයක් ඉදිරිපත් කරනවා. සීනි ද්‍රාවණයක ගිල්වා ජෑම් බෝතල් තුල සීල් කිරීමයි මේ ක්‍රමය

ගෙදරදීම කරන්න පුළුවන්

පිරිසිදුකමයි උණුවතුර භාජනයකුයි තිබේනම් හොඳ ගෘහ කර්මාන්තයක්.

15% - 25% අතර සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් හදාගෙන එයට සිට්‍රික් අම්ල ටිකකුත් එකතුකරලා වැඩේ කරන හැටි ප්‍රයෝගිකව කියල දෙන්න ආහාර පර්යේෂණ ඒකකයේ නිලධාරීන් සූදානමින්.

සරල ක්‍රමයක් වුවත් සම්පුර්ණ ක්‍රමය මෙහි ඉදිරිපත් නොකරන්නේ ප්‍රායෝගික පුහුණුවකුත් ඔබ විසින් ලැබිය යුතුම නිසා.......එතැනදීම කියාදියයුතු විශේෂ රහස් එහෙමත් තියෙනවලු!! පුහුණුව සඳහා අයකරන්නෙත් බොහොම සුළු මුදලක්, එය ව්‍යාපාරයක් නෙවෙයි, ඔබට කරන සත්කාරයක්!

ගන්නොරුවට ඇවිත් ඔබම ලබාගතහොත් පැමිණීමේ වටිනාකම හොඳටම දැනේවි!!

අවුරුදු ගණනක් කල් තබාගන්න පුළුවන්. අවාරයට හොඳ මිලකුත් ගත හැකියි

සංචාරක කටයුතු විවෘත වීමත් එක්ක හෝටල් වලින් ලොකු ඉල්ලුමක් එන බව ස්ථිරයි. ඇයි අපනයනය.... හොඳට හැදුවොත් වරදින්නේ නෑ!!!

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා සේනාරත්න මෙනෙවියට කතා කරන්න. (0714425824) දිනයක් වෙන්කරගෙන පුහුණුවකුත් අරගෙන රඹුටන් කර්මාන්තය පටන්ගන්න.

Tuesday, July 28, 2020

යල මහ මැද්දේ තුන්වෙනි කන්නය අරඹන්න කාලය හරි !


මේ දිනවල යල කන්නයේ ගොයම් කැපෙනවා

මහ කන්නයේ වැස්ස එනතුරු කුඹුර පුරන්ව තබා නොගෙන කෙටි කාලීන රනිල බෝගයක් වගා කිරීමයි තුන්වෙනි කන්නය කියන්නේ ..

මෙහිදී......

මහ කන්නය ඇරඹෙන තුරු ගතවෙන කාලය, ඉපනැල්ලේ තිබෙන තෙතමනය, වී වගාවෙන් පස්සේ ඉතිරි පාංශු පෝෂණය, හදිස්සියෙන් වැටෙන වැස්සක ජලය - ඔය සියල්ල ප්‍රයෝජනයට අරගෙන වැඩි වියදමක් නැතුවම රනිල බෝගයක් වවාගන්න පුළුවන්

හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල දිස්ත්‍රික්කවල දැනටත් ජනප්‍රියයි, ඒ විතරක් නෙවෙයි! සමහරු මහ කන්නයට පස්සේ, යලට කලින් හතරවෙනි කන්නයක් ගැනත් හිතනවා!!

හොඳම බෝගය තමයි මුං , ඇට පුංචියි වපුරන්නත් ලේසියි, වයසත් අඩුයි. පැය 5-6 ක් පොඟවපු බීජ ගොයම් කපනවත් එක්කම ඉපනැල්ලේ වපුරන්න

පියසටහන පොළොවේ හිටින තරමට පසේ තෙතමනය ඇත්නම් හොඳටම ඇති

පොහොර නැතත් කමක් නෑ. ඕනෑම නම් අක්කරයකටම යූරියා කිලෝ 5 ක් හොඳටම ඇති, මල් පිපෙන කාලෙට කරල් විදින පණුවාට කෘමිනාශකයක් ගැහුවොත් හොඳටම හොඳයි

තුන්වෙනි කන්නය නිසා........

කුඹුරේ වල් පැල අඩුවෙලා ඊළඟ ගොයමට වැඩි වාසියක්.

රනිල බෝග මගින් පසට නයිට්‍රිජන් එකතුකරලා ගොයමට දැමිය යුතු යූරියාත් අඩු කරගන්න උදව් වෙනවා

කරල් කැඩූ පසු වියලීයන මුං පැල වලින් කුඹුරේ ඊළඟ ගොයමට කාබනික පොහොරත් ලැබෙනවා

∞∞∞∞  එහෙනම් වවමු තුන්වෙනි කන්නයක්  ∞∞∞∞

Wednesday, July 22, 2020

මෝරන බඩඉරිඟු යායට මේ වැස්ස අගුනයි.......


 

·      

පසුගිය යල කන්නයේ සිටවූ බඩඉරිඟු

මේ වනවිට මෝරනවා. දින 90-95 ක්

ගතවෙනකොට මේරීමේ උපරිමය සිදුවෙලා

·       ගොවීන් නම් කැමති, වියලීමේ මුල්

කොටසත් ගසේ තිබියදීම කරගෙන දින

105 කින් අස්වැන්න නෙලන්න.

ඒත් මේ දිනවල හදිසි වැස්සක් !!! ගොවීන් ගැටළුවක ?

කුරුල්ලන්ගෙන් කොලපු වලට

හානිවෙලා එහෙම තිබුනොත් කරල්

ඇතුලට වැහිවතුර ගිහින් බීජ

පැළවෙන්න හෝ පුස් වර්ග හැදිලා

හානි වෙන්න පුළුවන්



අවවාදය........

වගාවේම කරල් තියන්න එපා දිගටම වහිනවානම්...

අස්වැන්න ගෙට ගන්න, වියලීම පටන් ගන්න

කොලපු ඉවත්කරනවා නම් වඩාත් පහසුවෙන් වියලන්න පුළුවන්

මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ බඩඉරිඟු වගාව ගැන වගකීම දරන සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ රංජලා කුමාරි මහත්මියට කතාකළහොත් (0718392006) අවශ්‍ය වැඩිදුර උපදෙස් ලබාගන්නත් පුළුවන්