Tuesday, July 28, 2020

යල මහ මැද්දේ තුන්වෙනි කන්නය අරඹන්න කාලය හරි !


මේ දිනවල යල කන්නයේ ගොයම් කැපෙනවා

මහ කන්නයේ වැස්ස එනතුරු කුඹුර පුරන්ව තබා නොගෙන කෙටි කාලීන රනිල බෝගයක් වගා කිරීමයි තුන්වෙනි කන්නය කියන්නේ ..

මෙහිදී......

මහ කන්නය ඇරඹෙන තුරු ගතවෙන කාලය, ඉපනැල්ලේ තිබෙන තෙතමනය, වී වගාවෙන් පස්සේ ඉතිරි පාංශු පෝෂණය, හදිස්සියෙන් වැටෙන වැස්සක ජලය - ඔය සියල්ල ප්‍රයෝජනයට අරගෙන වැඩි වියදමක් නැතුවම රනිල බෝගයක් වවාගන්න පුළුවන්

හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල දිස්ත්‍රික්කවල දැනටත් ජනප්‍රියයි, ඒ විතරක් නෙවෙයි! සමහරු මහ කන්නයට පස්සේ, යලට කලින් හතරවෙනි කන්නයක් ගැනත් හිතනවා!!

හොඳම බෝගය තමයි මුං , ඇට පුංචියි වපුරන්නත් ලේසියි, වයසත් අඩුයි. පැය 5-6 ක් පොඟවපු බීජ ගොයම් කපනවත් එක්කම ඉපනැල්ලේ වපුරන්න

පියසටහන පොළොවේ හිටින තරමට පසේ තෙතමනය ඇත්නම් හොඳටම ඇති

පොහොර නැතත් කමක් නෑ. ඕනෑම නම් අක්කරයකටම යූරියා කිලෝ 5 ක් හොඳටම ඇති, මල් පිපෙන කාලෙට කරල් විදින පණුවාට කෘමිනාශකයක් ගැහුවොත් හොඳටම හොඳයි

තුන්වෙනි කන්නය නිසා........

කුඹුරේ වල් පැල අඩුවෙලා ඊළඟ ගොයමට වැඩි වාසියක්.

රනිල බෝග මගින් පසට නයිට්‍රිජන් එකතුකරලා ගොයමට දැමිය යුතු යූරියාත් අඩු කරගන්න උදව් වෙනවා

කරල් කැඩූ පසු වියලීයන මුං පැල වලින් කුඹුරේ ඊළඟ ගොයමට කාබනික පොහොරත් ලැබෙනවා

∞∞∞∞  එහෙනම් වවමු තුන්වෙනි කන්නයක්  ∞∞∞∞

No comments:

Post a Comment