Thursday, July 16, 2020

ගෙවත්තේ පැල වලට නොවරදින අත්බේත - කොහොඹ සාත්තුව


පසුගිය කාලේදී බොහොම උනන්දුවෙන් ගෙවතු වවපු සමහරුන් මේ වනවිට අස්වැන්නත් නෙළනවා....ඒත් ඇතැමුන්ට වගාවේ ප්‍රශ්න?

එළවලු පාත්තියේ විටි විට මතුවෙන කෘමි හානි ලොකු කරදරයක්ලු

දැන් උනත් පටන් අරගෙන කොහොඹ ප්‍රතිකාරයට පුරුදු වෙන්න

අලුත් කොහොඹ ඇට ග්‍රෑම් 30-35 ක් කුඩු කරලා වතුර ටිකක් දාල පැය 12 ක් පමණ පොඟවන්න. දැන් ඒ දියරය පෙරලා අරගෙන ලීටරයක් පමණ දක්වා තනුක කරන්න. බෙහෙත ලෑස්තියි.

අත් ඉස්නයකින් පැළෑටිවල පත්‍ර දෙපැත්තම හොඳට තෙමෙන්න ඉසින්න, ශාකසාර නිසා අපිට ආරක්ෂා සහිතයි, හැබැයි දළඹුවන් ආදීන්ට විෂයි

සතියකට වරක් මේ සාත්තුව කරන්න ඕනෑ, එදාට අලුතෙන් ද්‍රාවනය හදාගන්නත් ඕනෑ, කලින් ඉතුරුවූ ද්‍රාවනය දැන් අක්‍රියයි

තවත් දෙයක්.............

ද්‍රාවනය හදල දියර සබන් බිංදුවක් දෙකක් දැමීමෙන් ඉසිනය ඇතුලේ හොඳ ඒකාකාරී දියරයක් හැදෙනවා, ඉසින තැන හොඳට එය පැතිරෙනවා


ඔබේ ගෙවත්ත නිරෝගීව වැඩේවි, කොහොඹ දියරය මගින් පැලවල ප්‍රතිශක්තියත් ඉහල දමන නිසා ගෙවත්තේ පැල වල සෞඛ්‍යය වෙනුවෙන් කොහොඹ දියරය නම් අමතක කරන්න එපා

No comments:

Post a Comment