Tuesday, July 21, 2020

ගෙවත්තේ ගොවිතැනට ගෙදර හදන පළිබෝධනාශක වැදගත් වන්නේ ඇයි ?


ගෙවත්ත කියන්නේ කුඩා පරිසර පද්ධතියක්, එහි යහපැවැත්මට වටපිටාවේ සමතුලිත බව හුඟක් වැදගත් වෙනවා

කෘතිම කෘෂිරසායන ද්‍රව්‍ය වගේ නෙවෙයි, ගෙදර හදන ශාකසාර පළිබෝධනාශක විෂ භාවයෙන් හුඟක්ම අඩුයි. ඊට අමතරව විගසින් ක්‍රියාකාරිත්වය අඩුවෙලා අක්‍රිය වී යනවා

මේ නිසා.......

·        ‘බෙහෙත්’ ඉසින අතරේ වුවත් ගෙවත්තේ නිෂ්පාදනයන් පරිභෝජනය කරන්න පුළුවන්

·        පැළෑටිවල හානිය තිබෙන තැන්වලට පමණක් ශාකසාර ඉසීමෙන්, ස්ථානීය පළිබෝධ මර්දනයක් කරන්න පුළුවන්, අවට සිටින අහිංසක කෘමීන්ට හානියක් නොකර

·        ඒ අයත් පරිසරයේ සිටිය යුතුයි, ඔවුන්ගේ පැවැත්ම අපිටත් වාසියක්, ඇතැම් විට ඔවුන් අපිත් අකමැති පළිබෝධකයින්ගේ සතුරන් වෙන නිසා

ඇසඩිරැක්ටින් අන්තර්ගත කොහොඹ ඇට, ඇසිටොජෙනින් සහිත අනෝදා ඇට භාවිතාකර බොහොම පහසුවෙන් පළිබෝධනාශ ද්‍රාවණයක් සාදාගන්න පුළුවන්. මේවායේ ක්‍රියාකාරිත්වය පරීක්ෂනාත්මකව සනාථකර තිබෙනවා

වියලි කලාපයේ කොහොඹ ඇට බහුලයි. තෙත් කලාපයේ වසර පුරාම ‘වෙල් ආත්තා’ (Annona glabra) ගෙඩි තියෙනවා. එය වඳ කරගන්නත් බැරි ආක්‍රමණික ශාකයක්..........

‘කටු අනෝදා’ (Annona muricata) ඇට පලතුරු යුෂ අලෙවිසැල් වලින් කොපමණ ඉවත දමනවද?


≈≈≈හදාගන්න පළිබෝධනාශක ද්‍රාවනය අලුත්පිටම පාවිච්චි කරන්න මතක තබාගන්න. කල් තියාගන්න බෑ, අක්‍රිය වෙනවා≈≈≈≈≈≈≈≈≈≈ 

No comments:

Post a Comment