Tuesday, September 29, 2020

අනවසර ග්ලයිෆොසෙට් රටපුරා පැතිරෙනවා........

 

කාලයක් මෙරට බහුලව භාවිතා කල වල් නාශකයක් වුවත්, සෞඛ්‍යයයට හානිකර බව වාර්තා වීමත් සමගම තහනම් කෙරුවා

වැවිලි ක්ෂේත්‍රයේ වල් මර්දනයට ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් තේ සහ රබර් සඳහා පමණක්, රජයේ නියාමනයට යටත්ව සීමිත භාවිතයකට දැන් අවසර දී තිබෙනවා.


මෙම රසායනය කෙතරම් දුරකට සමාජය තුලට ගොස් තිබෙනවාද කියනවානම් ඇතැම් ගොවීන් දැනටත් හිතන්නේ ග්ලයිෆොසෙට් නැතුව ගොවිතැන් කරන්න අමාරු බවයි. ඒ නිසාම වී හා එළවලු ගොවීන් ග්ලයිෆොසෙට් හොයාගෙන එනවා කියලයි වෙළඳුන් කියන්නේ.


ඉල්ලුම තියෙනවිට අනවසර වෙළඳාම ශක්තිමත් වෙනවා, හොර පාරෙන් ඉන්දියාවේ සිට ග්ලයිෆොසෙට් එනවලු!!

පසුගිය කාලේ පළිබෝධනාශක කාර්යාලෙන් වෙළඳුන් 11 දෙනෙකුට නඩුත් දාල, ලක්ෂ ගණනින් දඩ මුදලුත් අයකරගෙන. දඩය ගෙව්වත් වැඩේ තාමත් කෙරෙනවා.

මේ ග්ලයිෆොසෙට් වලට ලියාපදිංචියක් නෑ. අන්තර්ගතය ගැන සහතිකයක් නෑ. භාවිතා කරන්නාට හා පරිසරයට හොඳටම අගුනයි. ඊට අමතරව මිලත් වැඩියි. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ලසන්ත රත්නවීර මහතා පවසන්නේ එවන් අදහසක්

වී සහ කෙටිකාලීන බෝග වගාව සඳහා, ග්ලයිෆොසෙට් වලට විකල්ප ක්‍රමවේදයන් අප පෙන්වා දී අවසන්. ඉතින් ඇයි තවදුරටත් අහිතකර දෙයක් පසුපස යන්නේ ??


මේ උවදුර නවතන හොඳම ක්‍රමය තමයි ගොවියා විසින්ම  ග්ලයිෆොසෙට් බැහැර කිරීම. විකිණෙන්නේ නැති දෙයක් වෙළඳුන් රැගෙන එන්නේ නෑ.      පරිසරයටත් මහජන සෞඛ්‍යයයටත් සිදුවන මේ උවදුර පිටුදැකීමට සහය දෙන්න. අනවසර ග්ලයිෆොසෙට් මිලදී ගන්න එපා.

කුඹුරේ වල් පැල ගැන නම් අහල තියෙනවා. 'වල් වී' ගැන අහල තියෙනවද?

 

ඔරයිසා සැටයිවා (Oryza sataiva) කියන්නේ ගොවිතැන් කරන වී නොහොත් 'වගා වී'. ඔරයිසා නිවාරා (Oryza nivara) කියන්නේ වනගතව වෙසෙන ගොයමේ නෑදෑයෙක්. එයාට 'වන වී' කියනවා


කාලෙක පටන් මෙම නෑදෑයාගේ දේහ ලක්ෂණ මිශ්‍රවූ හැඩිදැඩි ගොයම් ජාතියක් කුඹුරු ආක්‍රමණය කරනවා. ඒ තමයි 'වල් වී'. පසුගිය යල කන්නයේදී නැගෙනහිර පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ හොඳටම බෝවෙලා තිබුන


පඳුරු දමනවා, උස යනවා, ගොයම් කරලේ ඇට තැනින් තැනින් පැහෙනවා, වී ඇටයේ නන්ඩුව දිගයි, ගොයම් ගස ඉක්මනින් ඇද වැටෙනවා - ඒ තමයි වල් වී වල හැටි, සමහරුන්ට හිතෙන්න පුළුවන් කුඹුරට පැමිණි සාම්ප්‍රදායික වී වර්ගයක්ද කියල.

ඒක වැරදියි. කුමන 'වගා වී' වර්ගයක උනත් කරලේ ඇට අක්‍රමවත්ව මෝරලා විටින් විට හැලෙන්නේ නෑ, නියම වී වල කරලා මෝරන්නේ ඉහල සිට පහලටනේ. 'වල් වී' මර්දනයට අපහසු වෙන්නෙත් මේ නිසාමයි. විටින් විට ඇට හැලෙන නිසා ඇට සංචිතයක් නිතරම පස තුල!


කලින්ම පීදෙන 'වල් වී' යහමින් තියෙන කුඹුරක වල් වී ගොයම ඇද වැටුනොත් ගොවියාගේ ගොයමත් මේ හැඩිදැඩි වල් ගොයමට යටවෙලා වැනසී යනවා. අස්වැන්න හානිය 100% වුවත් වෙන්න පුළුවන්!! මේ රූපයේ තියෙන්නේ එවැනි හානියක්

ඉදිරි කන්නයට වල් වී මර්දනයට මේ ටික කරමු.......

පිරිසිදු බිත්තර වී භාවිතා කරන්න, හැකිනම් පේලියට පැල සිටුවන්න එවිට පේළිවලට පිටින් පැලවෙන ආගන්තුකයා ගලවා දැමිය හැකියි, හැකිතරම් කලින් මූලික සී සෑම කර 'වල් වී' වලට පැලවෙන්නට දී නැවත බිම් සකසන්න, මේ සියල්ල වැරදුනොත් කලින් පීදෙන 'වල් වී' කරල්වල ඇට හැලෙන්නට පෙර කපා දමන්න, රිටක් කෙලවර දැවටූ රෙදි කැබැල්ලක ග්ලුෆොසිනේට් ඇමෝනියම් (Glufosinate-ammonium) නමැති වල් නාශකය පොඟවා ඉහලට එසවී ඇති 'වල් වී' කරල් වල ගාන්නත් පුළුවන්, කරල් බොල් වෙලා මැරෙනවා

වැඩි විස්තර දැනගන්න උවමනා නම් බතලගොඩ පර්යේෂණායතනයේ ආචාර්ය ස්වර්ණා හේරත්ට කතාකරන්න (071-5343101)