Tuesday, September 29, 2020

අනවසර ග්ලයිෆොසෙට් රටපුරා පැතිරෙනවා........

 

කාලයක් මෙරට බහුලව භාවිතා කල වල් නාශකයක් වුවත්, සෞඛ්‍යයයට හානිකර බව වාර්තා වීමත් සමගම තහනම් කෙරුවා

වැවිලි ක්ෂේත්‍රයේ වල් මර්දනයට ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් තේ සහ රබර් සඳහා පමණක්, රජයේ නියාමනයට යටත්ව සීමිත භාවිතයකට දැන් අවසර දී තිබෙනවා.


මෙම රසායනය කෙතරම් දුරකට සමාජය තුලට ගොස් තිබෙනවාද කියනවානම් ඇතැම් ගොවීන් දැනටත් හිතන්නේ ග්ලයිෆොසෙට් නැතුව ගොවිතැන් කරන්න අමාරු බවයි. ඒ නිසාම වී හා එළවලු ගොවීන් ග්ලයිෆොසෙට් හොයාගෙන එනවා කියලයි වෙළඳුන් කියන්නේ.


ඉල්ලුම තියෙනවිට අනවසර වෙළඳාම ශක්තිමත් වෙනවා, හොර පාරෙන් ඉන්දියාවේ සිට ග්ලයිෆොසෙට් එනවලු!!

පසුගිය කාලේ පළිබෝධනාශක කාර්යාලෙන් වෙළඳුන් 11 දෙනෙකුට නඩුත් දාල, ලක්ෂ ගණනින් දඩ මුදලුත් අයකරගෙන. දඩය ගෙව්වත් වැඩේ තාමත් කෙරෙනවා.

මේ ග්ලයිෆොසෙට් වලට ලියාපදිංචියක් නෑ. අන්තර්ගතය ගැන සහතිකයක් නෑ. භාවිතා කරන්නාට හා පරිසරයට හොඳටම අගුනයි. ඊට අමතරව මිලත් වැඩියි. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ලසන්ත රත්නවීර මහතා පවසන්නේ එවන් අදහසක්

වී සහ කෙටිකාලීන බෝග වගාව සඳහා, ග්ලයිෆොසෙට් වලට විකල්ප ක්‍රමවේදයන් අප පෙන්වා දී අවසන්. ඉතින් ඇයි තවදුරටත් අහිතකර දෙයක් පසුපස යන්නේ ??


මේ උවදුර නවතන හොඳම ක්‍රමය තමයි ගොවියා විසින්ම  ග්ලයිෆොසෙට් බැහැර කිරීම. විකිණෙන්නේ නැති දෙයක් වෙළඳුන් රැගෙන එන්නේ නෑ.      පරිසරයටත් මහජන සෞඛ්‍යයයටත් සිදුවන මේ උවදුර පිටුදැකීමට සහය දෙන්න. අනවසර ග්ලයිෆොසෙට් මිලදී ගන්න එපා.

No comments:

Post a Comment