Monday, July 10, 2023

ගොවි දිනය -2023 +++++++++++++

 



























2023 යල කන්නය සඳහා ක්ෂේත්ර දිනය අගුණකොළපැලැස්ස මාෂ හා
තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්රි ලංකා කෘෂිකර්ම විද්යාලය හා
සේවා සංස්කරණ අභ්යාස ආයතනය ඒකාබද්ධව සැළසුම් කල මෙම වැඩසටහන
කෘෂිකර්ම අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, කෘෂිකර්ම
අධ්යක්ෂවරුන්, නිලධාරීන් සහ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් එම ආයතන
ක්ෂේත්රයේ 2023.07.07 දින පැවැත්වින.. එහිදී අතිරේක ආහාර බෝග සම්බන්ධයෙන් සිදු කළ නව ප්රභේද ඒ හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු, ශෂ්ය විද්යාත්මක පාංශු විද්යාත්මක නව සොයාගැනීම් මෙන්ම එලවළු හා පලතුරු වාණිජ වගාවන් ලෙසනඩත්තුව හා ඒ හා සම්බන්ධ තාක්ෂණික දැනුම ලබා දීමට හැකියාව ලැබුන බවඅගුණකොළපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේඅතිරේක අධ්යක්ෂ ගාමීණී අබේවික්රම මහතා පැවසීය. මෙහිදී බීජ හා රෝපණ ද්රව්ය අළෙවිසැල් තුළින් ගුණාත්මක බීජ හා රෝපණ ද්රව්ය හා කෘෂි ප්රකාශන අළෙවියද, හෙළ බොජුන් අළෙවි සැල් තුළින් දේශීය ආහාර ලබා ගැනීමටද අවස්ථාව උදාකර දී තිබේ.
(තොරතුරු ගෙන ආවේ- ගුවන් විදුලි ගොවි සේවාව, රුහුණු ඒකකය,
කිරිමැටිමුල්ල, තෙලිජ්ජවිල.)

No comments:

Post a Comment