Thursday, July 16, 2020

අඹ ගස් කීපයක් එක ළඟ හදාගත්තට වැඩක් නෑ - හරියට කප්පාදු කෙරුවේ නැත්නම්......


සාම්ප්‍රදායික පරතරය මීටර් 10 X 10 නේ. අධි ඝනත්ව ක්‍රමයට මීටර් 5X5 හෝ 6X4 පරතරයට අඹ වැවුවොත් කප්පාදුව අනිවාර්යයි.

කප්පාදුව හරහා -

·        උස පාලනය කරගෙන ක්‍රමවත් වර්ධනයකට ඉඩදෙන්න පුළුවන්

·        රෝග හා පලිබෝධකයින් පාලනය ක්‍රමවත්ව කල හැකියි

·        අස්වැන්න කළමනාකරණය (ගෙඩි වලට ආවරණ දැමීම, ගෙඩි කැඩීම ආදිය) පහසුයි

මුලින්ම අඹ පැලය මීටරයක් දක්වා උස යන්න කලින් මීටර් භාගයක් උසින් කපන්න. අපි මේ හදන්නේ පාර්ශ්වික අතු සෑදීම උනන්දු කරවන්නයි.

දිශා තුනකට හරස් අතු තුනකට පමණක් වැඩෙන්න ඉඩ දෙන්න

ඒවාත් සෙන්ටිමීටර 30 – 50 අතර දුරක වැඩුන පසු එම දුරින් කපන්න

ඒවායිනුත් තුන් පැත්තකට අතු තුන බැගින් හැදෙන්න දෙන්න.

දැන් ගසේ අතු 9 ක් තිබෙනවා

නැවතත් කලින් කැපුව ආකාරයටම ඒ අතු නවයම කපන්න ඒවායිනුත් අතු තුන බැගින් හැදෙන්න දෙන්න.

කුඩයක් වගේ ලස්සන කිරුළක් තියෙන අඹ ගසක් බිහිවෙලා !!!!

මේ කිරුල නඩත්තු කරගැනීම සඳහා සුදුසු පරිදි අතු කැපීම දැන් ඔබේ වගකීමයි.

ගසේ උස අඩි 10 කට වඩා වැඩි කරගන්න එපා. වාරයට මල් හැදිලා ගෙඩිත් හැදේවි. අතේ දුරින් තිබෙන නිසා සියලු කටයුතු පහසුයි. අස්වැන්න අපතේ යන්නෙත් නෑ

ලොකු ගස් කප්පාදු කරන ක්‍රම පවා තිබෙනවා. අඟුණකොළපැලැස්ස පර්යේෂණ ස්ථානයට ගියොත් එතන කරලා තියෙන වැඩ බලාගෙන, ක්‍රමයත් ඉගෙනගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් උද්‍යාන බෝග විශේෂඥ විජිතවර්ණ මහතාගෙන් අහලා දැනගන්නත් පුළුවන් (0715343086)

No comments:

Post a Comment