Thursday, July 16, 2020

වසා දැමූ පාසැලෙන් බීජ ගොවිපොළක් බිහිවෙලා !


රටම නැවතුනු වසංගත කාලේදී පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයටත් අගුලු වැටුනා

නිවෙස්වලට සිරවූ ජනතාවට කරන්න තිබුනේ ගොවිතැන විතරයි

ගෙවතු වවන්න ලොකු උනන්දුවක්....බීජ වර්ගවලට සැර ඉල්ලුමක්.....

ගෝලයෝ නැතුව පැල්වෙහෙර පාසලේ තනිවුනු ගුරුවරුත් හිතුව බීජ නිෂ්පාදනය කරලා රටේ ඉල්ලුමට දායක වෙන්න

ඒත් පාසැලක් තුල ගොවිපොලක වගේ ශ්‍රම බලකායක් නෑනේ!!

අපිම කරමු ! එහෙම කිව්වේ විදුහල්පති ජයලත් බණ්ඩාර .....

කථිකාචාර්යවරු, නේවාසිකාගාරවල සූපවේදියො, මීමැසි පාලක, මේසන්වරු , බද්ධකරු, මෙකී නොකී හැමදෙනාම එකාමෙන් පෙරමුණට ආව

සෝයාබෝංචි අක්කරයයි, මුංඇට, කවුපි, උඳු අක්කර තුන ගානේ!

එකතුව අක්කර 10 ක් .....

සිටුවන්න බීජ ගත්තේ දෙපාර්තමේන්තුවෙන්මයි. වැඩට යන්ත්‍ර සූත්‍ර දුන්නේ FMRC එකෙන්

බීජ වප්කරයෙන් ඇට දාපු නිසා වල් මර්දනය එහෙමත් අන්තිම පහසුයිලු

මේ දවස්වල කාර්ය මණ්ඩලය හැමෝම එකතුවෙලා හැමදාම වගේ ශ්‍රමදාන

පැල තුනී කරනවා...වල් ගලවනවා...පොහොර දානවා...

ළමයි නැති ඉස්කෝලේ ගොවිපොළක් වූ හැටි

බලන්න වටින වැඩක්.....රටටම ආදර්ශයක්.....    

No comments:

Post a Comment