Tuesday, October 13, 2020

අඹ ගස්වල දැඩි කප්පාදුව ගැන තවත් විස්තර.........

පසේ තෙතමනය තිබෙද්දී, තද වැස්සකුත් නැතිනම් පල නොදරන පැරණි අඹ ගසේ පුනර්ජනන කප්පාදුවක් කරන හැටි පසුගිය දිනක කියල දුන්නනේ....

ඒ පණිවිඩය දැකල සෑහෙන පිරිසක් වැස්ස අඩු කරපු ගමන්ම කප්පාදුව පටන් ගෙන......තව විස්තර ඉල්ලනවා


අලුත් දළු එනකොට යෙදිය යුතු දිලීර නාශක හා කීඩෑ නාශක ද්‍රව්‍ය ගැන අසන ඇමතුම් තමයි වැඩි වැඩියෙන් ලැබෙන්නේ

රසායන ද්‍රව්‍ය යෙදිය යුතු බව අප පැවසුවත් ද්‍රව්‍ය නම්කෙරුවේ නෑනේ...

ලපටි දළුවලට එන අඹ කීඩෑවා මර්දනයට මෙන්න බෙහෙත...

තියාමෙතොක්සෑම් Thiamethoxam (ඇක්ටාරා) හෝ ඉමිඩක්ලොප්‍රිඩ් Imidacloprid (ඇඩ්මයර්) යොදන්න පුළුවන්

හැබැයි විශේෂයෙන් සැලකිය යුතුයි, මේ වසවිස මල් පිපුනාට පස්සේ නම් යොදන්න එපා. පරාගනය සඳහා උපකාර කරන හිතකර කෘමි සතුනුත් මැරෙනවා.   




නැවතත් කියනවා .... දළු වලට පමණයි!

ලපටි දළුවලට එන ඇන්ත්‍රැක්නෝස් දිලීර රෝගය පාලනයට ඩැකොනිල් Daconil හෝ කාබෙන්ඩසිම්  Carbendazim යොදන්න පුළුවන්

අලුත් දළුටික පරිස්සමින් බලාගන්න. ක්‍රමයෙන් අනවශ්‍ය රිකිලි ඉවත් කරන්න, ලස්සන කිරුළක් සහිත අඹ ගසකින් වැඩි පලදාවක් නෙලාගන්න 


 

No comments:

Post a Comment