Tuesday, October 13, 2020

නිහඬ මාරයාගෙන් බේරගන්න දූරියන් ගසට මීට වඩා සලකන්න වෙයි


 


 
 

පැරණි දුරියන් ගස් වැඩි හරියක් ඇට වැටිලා ඉබේ පැලඋන ගස්. ඒවා තිබෙන්නේත් මිනිසාගේ පාලනයට නිතර හසු නොවන තැන්වල.......

අපි පුරුදුවෙලා ඉන්නෙත් ගෙඩි හැදෙන කාලයට විතරක් ගස දිහා බලන්නනේ. අනෙක් කාලෙට ගස ඉන්නේ තනියෙම, මුල් තැලෙනවා, කැපෙනවා, ගස පාමුල දිය සීරාව රැඳෙනවා. දිරන රොඩු, පැරණි පලතුරු ගෙඩි එහෙමත් තියෙනවා


ලෙඩක් උනත් මේ පරිසරයේදී හොඳටම පැතිරෙනවා, ඒ නිසා හානියත් වැඩියි. දිලීර වර්ග වැඩිලා ශාකයට හානිකරන්න හොඳටම සුදුසු පරිසර තත්වයක්!!

ෆයිටොප්තොරා Phytophthora මාරක දිලීරයක්.. වැහි වතුරෙන් උනත් පැතිරිලා තුවාල වූ මුල් හරහා නිරෝගී ගසකට ඇතුල්වෙන්න පුළුවන්.

මොනවද රෝග ලක්ෂණ.........

කඳ දිගේ පිටතට ඉස්ම වැනි දේ එනවා, පිළිකා වැනි දේ කඳ මත හටගන්නවා, අසාමාන්‍ය ලෙස පත්‍ර හැලෙනවා, ගෙඩි වලට ආවොත් ගෙඩියේ විවිධ ලෙඩ! හෙමින් හෙමින් තමයි පැතිරෙන්නේ, ඒකනේ නිහඬ මාරයා කියන්නේ, හැබැයි රෝගය වැළඳුනොත් හොඳ කරන්න නම් අමාරුයි. හොඳම දේ තමයි ආසාදනය වලක්වා ගැනීම.

ගසේ  පාමුල පිරිසිදුව තබාගන්න, ගෙඩි හැදෙන කාලෙට විතරක් ගහ දිහා බැලුවට මදි. මුල් පද්ධතියට හානි වෙන විධියට අවට භූමියේ හැසිරෙන්න එපා, ගසට වතුර ඕනෑ තමයි, හැබැයි ගස අවට නිතරම ජලයෙන් තෙතබරිතව තබන්න එපා, ගෙඩිවල අවශේෂ කොටස් එහෙම ඈතකටම ගිහින් දමන්න.

හොරණ පලතුරු ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ඩබ්ලිව්. ඩී. ලෙස්ලි මහතාට කතාකළහොත් 0715657016 වැඩිදුර තොරතුරු අහගන්නත් පුළුවන්........

No comments:

Post a Comment