Tuesday, October 13, 2020

ඇපල් වෙනුවට රහංගල පෙයාර්ස් වලට පුරුදුවෙමුද?.....

 

2018 වසරේදී ලංකාවට රුපියල් කෝටි 430 ක ඇපල් ටොන් 27253 ක් සහ කෝටි 5 ක පෙයාර්ස් ටොන් 355 ක් පිටරටින් ගෙනත්...

මේ තරමට පලතුරු වර්ග තිබෙන රටට මේ තරමට රට පලතුරු.......!!

පිටරට පලතුරුත් ඕනෙමනම්, ඇපල් අමාරු උනාට පෙයාර්ස් නම් අපිටත් වවන්න පුළුවන්


ලංකාවේ උඩරට භූමිය තේ වගාවට වෙන්වෙලා ... හැබැයි නිසරු තේ වගා ඕනෙතරම්. ඒවාට පොහොර දාන්නෙත් නෑ, නඩත්තුවත් දුර්වලයි. මුහුදු මට්ටමෙන් අඩි 4000-5500 අතර උසින් පිහිටන නිසරු තේ ඉඩම්වලට හොඳ බෝගයක් පෙයාර්ස්

ඔහිය, රත්කරව්ව, බොරලන්ද, කැප්පෙටිපොල, බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, ඌවපරණගම, මලපොල.....මේ වගාවට සුදුසු ප්‍රදේශ කීපයක් පමණයි ...තව තියෙනවා


රහංගල පර්යේෂනායතනයෙන් සහ ගොවිපලෙන් පෙයාර්ස් පැල නිපදවනවා

ලොකුවට වවන්න ඉඩ නැත්නම් මේ පලාත්වල අය පැල 5 බැගින් අරගෙන ගිහින් සිටුවා ගතහොත්, විකුනන්නත් එක්ක පෙයාර්ස්....

මාස ගණනකට පෙර ගහෙන් කඩාගෙන, නොයෙකුත් රසායන ප්‍රතිකාර කරලා, ශීතගබඩා ඇතුලේ තැබූ රට පෙයාර්ස් වෙනුවට...


රහංගල පෙයාර්ස් වලට තැනක් දෙමු.....වගාව ගැන විස්තර සඳහා පලතුරු බෝග විශේෂඥ බන්දුල හේමචන්ද්‍ර 0718211770 ට කතා කරන්න.

 

No comments:

Post a Comment